රාජ්‍ය ආයතන 15 ක් තුළ සිදුව ඇති මූල්‍ය අක්‍රමිකතා සහ ඉහළ නිලධාරීන්ගේ විනය විරෝධී හැසිරීම් පිළිබඳව සිදුකරනු ලැබූ විමර්ශනයක නවතම කෝප් වාර්තාව අද දින (ඔක් 19) දින කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුණි.

පහත සඳහන් ආයතන 15 මෙසේ විමර්ශනයට ලක් කොට වාර්තා හෙළිදක්වා ඇත.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, සී/ස ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම, සමූපකාර තොග වෙළඳ සංස්ථාව, මධ්‍යම පරිසර අධිකාරිය, මහජන බැංකුව, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව, ජාතික ලොතරැයි මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, සී/ස ඛනිජ වැලි සමාගම, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය, සීමාසහිත හිඟුරාන සීනි කර්මාන්තායතනය, ලංකා ධීවර සංස්ථාව, ස්වාධීන රූපවාහිනී සේවය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව.

Share this Post