මුළු කොළඹම ආවරණය වන පරිදි වයිෆයි කලාප 100 ක් ඇති කිරීමට රජය මේ වන විට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. මෙම වැඩ පිළිවෙළ කොළඹ නගර සභාවේ මූලිකත්වයෙන් සිදුකරනු ලබයි.

මෙහි මුල්ම වයිෆයි කලාප 20 ස්ථාපිත කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති අතර මින් වයිෆයි කලාප 10 කට වැඩි ප්‍රමාණයක් දැනටමත් ක්‍රියාත්මක කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසා ඇත.

අධිතාක්ෂණික පහසුකම් සහිතව සහිත ක්‍රියාත්මක වන මෙම වයිෆයි කලාප කොළඹ සෙසු ප්‍රදේශ 80 කරාද ඉතාමත් ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කරමින් පවතී.

කොළඹට අමතරව මාතර, ගාල්ල, නුවර, නුවරඑළිය යන පළාත්වලද නුදුරු කාලයේදී මේ ආකාරයේ වයිෆයි කලාප පිහිටුවීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

Share this Post