[vc_row][vc_column el_class=”Gamini Abeysinghe – ABR, Certified Negotiation Expert ඔන්ටේරියෝ නිවාස හා දේපොළ වෙළඳාම් සංගමයෙහි බලයලත් දේපල හා නිවාස වෙළඳාම් අලෙවි නියෝජිත”][vc_column_text]

2013 ජූලි මස 08 වනදා ටොරොන්ටෝ නගරය ඇතුළු ආසන්න ප්‍රදේශ රැසකට ඇද හැළුණු ධාරානිපාත වර්ෂාවත් සමග හටගත් ගංවතුරෙන් නිවාස රැසක බිම්මහල් (Basements) ටව ගොස් විශාල අලාභ හානියක් සිදු වූ බව කවුරුත් දන්නා පුවතකි. මෙම ජලගැල්මේදී බේස්මන්ට් යට වීමට මූලික හේතුව වූයේ මාර්ගයන්හි රැස්වූ ජලය බැස යාමට තිබූ පද්ධතීන් එවන් ජල කඳක් හා පොර බැදීමට අසමත් වීමය. එකවරම පැමිණි ජලය මංමාවත් රැසක් ගංගාවල් බවට පත් කිරීමට සමත් වූ අතර ක්ෂණිකව පැමිණි එම අධික පීඩනය මුදා හැරුණේ අවට තිබූ බේස්මන්ට් තුළට එම ජලය  පිටාර ගැලීමෙනි.

ගංවතුර බැස යාමත් සමග ඇරඹියේ නිවෙස් සුද්ධ පවිත්‍ර කිරීමේ කාර්යයි. මෙහිදී බේස්මන්ට් තුළ තිබූ බුමුතුරුණු, ගෘහභාණ්ඩ, විදුලි උපකරණ, පොත්පත් ආදි බොහෝ ද්‍රව්‍ය විනාශයට පත් වූ අතර එAවා සියල්ල ඉවත දැමීමට ගෙහිමියන්ට සිදුවිය. කෙසේ වුවත් නිවාස සුද්ධ පවිත්‍ර කිරීම, රක්ෂණ සමාගම්වලට කතා කිරීම, අලූත්වැඩියා කටයුතු කිරීම ආදිය ලහි ලහියේ සිදු වූ අතර මේ වන විට බොහෝ ස්ථාන යථා තත්ත්වයට පත්ව ජනජීවිතය සාමාන්‍ය වී ඇත. එහෙත් මතුපිටින් පෙනෙන ආකාරයට සියල්ල පිළිසකර වුවත් මෙම ජලගැල්මෙන් වූ හානියෙන් තවදුරටත් අප සුරක්ෂිත දැයි විමසිලිමත් වීම වටී.

එහිදී මෙහි අතුරු ඵලයක් ලෙස ශේෂ වූ එක්තරා භයානක උවදුරක් පිළිබඳ ඔබේ අවධානය යොමු කරවිය යුතු බව මට හැඟිණි. ඇත්තෙන්ම මේ පිළිබඳව ඔබ දැනුවත්ව සිටිය යුතුම වන අතර ජල ගැල්මකදී පමණක් නොව සාමාන්‍ය ආකාරයේ පරිසර තත්ත්වයක් යටතේ වුවත් ඔබගේ නිවෙසින් මෙම උවදුර පිටුදැකීමට කටයුතු කළ යුතු වේ.

පුස් හෙවත් දිලීර

2 4

මෙහිදී අවධානය යොමු වන්නේ නිවෙස් තුළ හට ගන්නා පුස් එසේත් නැතිනම් දිලීර (Mould, Fungus) පිළිබඳවයි. පුස් ආදි දිලීර හට ගැනීම සඳහා තෙතමනය සහිත පරිසරය ඉතා හිතකර බව ඔබ කවුරුත් දන්නා දෙයකි. මේ අනුව බැලීමේදී පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය මත ඔබේ නිවෙස් තුළද පුස් හට ගැනීමට ඇති ඉඩකඩ ඉතා ඉහළ වේ. එA බව පසුගියදා ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු වූ ජෙෆ්රි සීගල් විසින් කරන ලද පර්යේෂණයකින්ද තහවුරු කර ඇත.

ගංවතුර අවදානමට ලක් වූ නිවාස හා ව්‍යාපාර ගොඩනැගිලි තුළ සිදු කර ඇති මෙම පරීක්ෂණය මගින් ඔප්පු වී ඇත්තේ ජලය ගලා ආ බේස්මන්ට් තුළ පුස් වර්ධනය වෙමින් පවතින බවයි. මේ සඳහා ඔහු විසින් එම ගොඩනැගිලි තුළ ඇති වායු තත්ත්වය (air quality) පරීක්ෂාවට ලක් කර ඇති අතර ඔහුගේ අදහසට අනුව ජල ගැල්මට හසුව ඇති සෑම නිවෙසක්ම මෙම පරීක්ෂාව සිදු කර ගත යුතු වේ.

තෙතමනය ඉවත් කිරීම

නොයෙකුත් ආකාරයෙන් ජලය ඉවත් කර ගත්තද, අපවිත්‍ර වූ බඩුබාහිරාදිය ඉවත් කළද අප නොදන්නා ලෙස තවදුරටත් නිවෙස් තුළ තෙතමනය රැඳී තිබීමට පුළුවන. එබඳු තෙතමනය සහිත තැන්වල පුස් හට ගැනීම සිදු වුවහොත් එය පාලනය කිරීම ඉතාමත් අසීරු වන හෙයින් කල් තියාම ඊට ප්‍රතිකර්ම යෙදීම සුදුසු වේ. නමුත් එය පහසු කාර්යයක් නොවෙයි. කළ යුතු සහ කළ හැකි එකම ප්‍රතිකර්මය වන්නේ එම තෙතමනය සහිත ස්ථාන ඉතාමත් හොඳින් වියළා ගැනීම පමණි. එA සඳහා ආර්ද්‍රව හරණ යන්ත්‍රයක් (dehumidifier) භාවිත කළ යුතුයි. නමුත් මෙම කාර්යය සිදුකිරීම සඳහා නිවෙස් තුළ භාවිත කරන සාමාන්‍ය ආර්ද්‍රව හරණ යන්ත්‍රයක් නොසෑහේ. මේ සඳහා විශාල ප්‍රමාණයේ ආර්ද්‍රව හරණ යන්ත්‍රයක් (industrial-sized dehumidifier) යොදා ගත යුතු වේ. මෙම යන්ත්‍රය දවස් කීපයක් එක දිගට ක්‍රියාත්මක කොට තැබීමෙන් නිවෙස තුළ ඇති තෙත සහිත ගතිය මගහැරී යනු ඇත. ඔබ නිවෙසේ බේස්මන්ට් කොටසෙහි කොන්ක්‍රීට් පොළොව මත ලෑලි තට්ටුවක් ගසා එA මතුපිට බුමුතුරුණු එළා ඇත්නම් එම බුමුතුරුණු ඉවත් කර හොඳින් වාතාශ්‍රය ලෑලි තට්ටුව තුළට යන ලෙස විවර කළ යුතුයි. එවිට වාතය හොඳින් ගමන් කිරීම මගින් සියලූම තැන්වල ඇති තෙත් ගතිය ඉක්මනින්ම වාෂ්ප වී යනු ඇත.

ඇතැම් බේස්මන්ට් තුළ අඩියක් හෝ දෙකක් මට්ටමට වතුර එකතු වී තිබූ අතර එවන් ගොඩනැගිලිවල බිත්තිවලටද හානි පැමිණ තිබිය හැකිය. එවන් අවස්ථාවකට ඔබ නිවෙසත් ලක් වූයේ නම් ගොඩනැගිලි කටයුතු පිළිබඳ පළපුරුද්දක් සහිත අයෙකුගේ උපදෙස් මත අලූත්වැඩියා කටයුතුවලට යොමු වීම සුදුසු වේ. ඔවුන්ගේ මගපෙන්වීම යටතේ නිවෙස තුළ වායු තත්ත්වය පරීක්ෂා කොට පුස් සෑදීම වළක්වා ගැනීම සඳහා කළ යුතු පියවරවලටද යොමුවීමට ඔබට හැකි වේ.

යම් ආකාරයකින් පුස් බැඳුන හොත් ඉවත් කළ හැකිද?

මෙයට ඍජු පිළිතුරක් දිය නොහැකි අතර පුස් ඉවත් කර ගැනීමට ඇති හැකියාව ස්ථානයෙන් ස්ථානයට වෙනස් වෙයි. ඇතැම් තැන්වල බැඳී ඇති පුස් ජලය සහ සබන් හෝ වෙනත් එවැනි රසායනයක් යොදා ඉවත් කරගත හැකි නමුත් ඇතැම් ස්ථානවල එක් වී ඇති පුස් ඉවත් කිරීම පහසු නැත. එමෙන්ම සුළු වපසරියක පැතිර ඇති පුස් ඔබටම ඉවත් කරගත හැකි වෙතත් විශාල ප්‍රදේශයක් කරා එය පැතිර ඇත්නම් එAවා ඉවත් කර ගැනීම වෘත්තිමය වශයෙන් පළපුරුදු අය වෙතින් සිදුකරගත යුතු වෙයි.

පුස් ශරීර සෞඛ්‍යයටද අහිතකර වේ

යම් ආකාරයකින් පුස් වර්ධනය වීමක් සිදු වුවහොත් එය ඔබගේ නිවෙසේ පැවැත්මට පමණක් නොව ඍජුවම ඔබේ සෞඛ්‍ය තත්ත්වය කෙරෙහිද බලපෑම් ඇති කරනු ඇත. මෙහිදී ප්‍රධාන වශයෙන්ම ශරීරයේ අසාත්මික තත්ත්වයන් ඇති විය හැකි අතර ඊට අමතරව ඇදුම, ඇස්, කන්, උගුර ආශ්‍රිතව ඇතිවිය හැකි අසාදන, කැස්ස, පෙනහලූ ආබාධ ආදිය ඇතිවිය හැකියි. මෙහිදී පුද්ගලයාගෙන් පුද්ගලයාට ඇතිවන රෝගී තත්ත්වයන් වෙනස් වන අතර මෙම දිලීර එකිනෙකාට නොයෙකුත් ආකාරයෙන් බලපෑම් ඇති කළ හැකිය. එවන් රෝග තත්ත්ව පහළ වුවහොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම සුදුසු වේ.

නිවස පුස් රහිත පරිසරයක් කරගැනීම

ඔබගේ සෞඛ්‍යයට පවා හානිදායක මෙම උවදුර පිටුදැකීමට හැකි සෑම උත්සාහයක්ම ගත යුතු අතර එවිට සුවදායක නිවසක් තුළ සෞඛ්‍ය සම්පන්නව, සැපදායකව කල් ගෙවීමට හැකිවෙනු ඇත. යමක් සිදුවීමට පෙර එය වළක්වා ගැනීමට කටයුතු කිරීම අප කළ යුතු අතර එA අනුව පුස් බැඳීමට පෙර එය වැළැක්වීමට පියවර ගැනීමද කළ හැකි දෙයකි. පහත දැක්වෙන්නේ එA වෙනුවෙන් ගත හැකි පියවරවල් කීපයකි.

  • නිවසෙහි බිම් මහල හෝ වෙනත් ස්ථානයක් තෙතමනය සහිත නම් එA පිළිබඳව සැලකිලිමත් වී වහාම එයට ප්‍රතිකර්ම යොදන්න.
  • නිවසෙහි ජල නල(බිත්ති තුළින් ඇදෙන ජල නල), වහළය ආදිය නිසි කලට අලූත්වැඩියා කරන්න.
  • නිවසෙහි ජලය පරිහරණය වන ස්ථාන වන කුස්සිය, නානකාමර, වැසිකිලි ආදිය දියසීරාවෙන් තොරව තබා ගන්න. තෙතමනය නැති කිරීමට Exhaust ෆෑනයක් හෝ එසේ නොමැති නිවෙස්වල වායු පරිහරණය සඳහා ජනේලයක් තරමක් ඇර තැබීම සිදු කරන්න. මෙය ශීත කාලයේදී තරමක් අපහසු වුවත් මද වේලාවකට හෝ කවුළුවක් විවෘත කර තැබීම කළ යුතු වේ. එසේ නොවුනහොත් කුස්සිය, නානකාමර ආදියෙහි ඇති තෙතමනය නිවසෙහි වෙනත් ස්ථාන කරාද පැතිර යා හැකිය.
  • විශේෂයෙන්ම බිම්මහල තුළ පිහිටි කුස්සියක් හෝ නානකාමරයක් භාවිත කරන්නේ නම් අනිවාර්යයෙන්ම එA සඳහා Exhaust ෆෑනයක් සවි කරගන්න. සමස්තයක් ලෙස බිම්මහලෙහි වාතය සංසරණය වීම අඩු නිසා මෙම ස්ථානයන්හි පුස් බැඳීම ඉක්මනින් සිදුවිය හැකියි.
  • රෙදි වියළීමේ යන්ත්‍රයෙන් (dryer) පිටතට යන බටය නියමාකාර ලෙසින් සවි වී තිබේදැයි නිරතුරුව පරීක්ෂා කරන්න.
  • නානකාමරවල ඇති නාන බේසම්ස (tubs) හ මුහුණ සෝදන බේසම් (sinks)  තුළින් ජලය බිත්ති තුළට කාන්දු නොවන ලෙස සවි වී ඇති දැයි බලන්න.
  • ගංවතුරක් හෝ වෙනත් ජල ගැලීමක් සිදු වී පැය 48 ක් ඇතුළත නිවස නිසි ලෙස වියළා ගන්න.
  • සෑම විට නිවස තුළ ඇති ආර්ද්‍රව තත්ත්වය පිළිබඳ සැලකිලිමත් වන්න. මේ සඳහා සුළු මුදලකට Hygrometer මිල දී ගත හැකි අතර එහි ආරද්‍රවතාව ශ්‍රීෂ්ම කාලයේදී 50% ක් ලෙසද ශීත කාලයේදී 30% ක් ලෙසද සටහන් වී තිබිය යුතුය. මේ ආකාරයෙන් සටහන් නොවුණහොත් එම අගයයන් ලබා ගැනීම සඳහා අනිවාර්යයෙන්ම Dehumidifier  යන්ත්‍රයක ආධාරය ලබා ගැනීම සුදුසු වේ.
  • කුණු කසල ආදිය නිසි පරිදි ඉවත් කර ගන්න. පරණ රෙදි කැබලි, කඩදාසි, පරණ ලී ද~ු හෝ ලෑලි ආදිය පුස් වර්ධනය සඳහා හොඳ පසුබිමක් සලසයි. එසේ හෙයින් අනවශ්‍ය කැළිකසල සෑම විටම බැහැර කර පිරිසිදු වියළි ස්වභාවයක් පවත්වාගන්න.
  • ගෙතුළ වගා කර ඇති පැළෑටි ආදියට ජලය දැමීමේදී බිම ඉසිරී යන ලෙස නොදමන්න. කාපට් පොළොවක් සහිත නම් උඩින් වියළී ගියද එය යටට කා වැදී පුස් බැඳීම සිදුවිය හැකියි. ලී ගෙබිමක වුවත් ජලය කාන්දු වී ගොස් ලීයෙහි නොපෙනෙන පැත්තේ පුස් වර්ධනය විය හැකියි.
  • නිවෙස හෝ බිම් මහල තුළ කුලී නිවෙසියෝ රැදී සිටිත් නම් ඔවුන්ද මේ පිළිබඳව දැනුවත් කරන්න. විශේෂයෙන්ම බිම් මහලට සිදුවන හානියක් මගින් ඔබගේ සම්පූර්ණ නිවසටම අහිතකර ප්‍රතිඵල ඇතිවිය හැකිය.

[/vc_column_text][/vc_column][/vc_row][vc_row][vc_column el_class=”Gamini Abeysinghe – ABR, Certified Negotiation Expert ඔන්ටේරියෝ නිවාස හා දේපොළ වෙළඳාම් සංගමයෙහි බලයලත් දේපල හා නිවාස වෙළඳාම් අලෙවි නියෝජිත”][/vc_column][/vc_row][vc_row][vc_column][vc_column_text css_animation=”bottom-to-top”]

Gamini

Gamini Abeysinghe – ABR, Certified Negotiation Expert
ඔන්ටේරියෝ නිවාස හා දේපොළ වෙළඳාම් සංගමයෙහි
බලයලත් දේපල හා නිවාස වෙළඳාම් අලෙවි නියෝජිත

Tel: 1-416 822 2789
Email : shinko@rogers.com
Web : www.gaminiabeysinghe.com

[/vc_column_text][/vc_column][/vc_row]

Share this Post