[vc_row][vc_column width=”1/2″][vc_media_grid grid_id=”vc_gid:1477970174448-b1795443-c359-10″ include=”2004″][vc_column_text]

රහසේ හඬනා අප හැඟුම්

රහසේ හඬනා අප හැඟුම්
ලොව නෑ දන්නේ අප පැතුම්
ලා සඳු පායනා රැයේ
පිණි සේ තරු සේ
තනි වී තැවෙනා පෙම් සුසුම්

හිරිමල් වයසේ සෙනෙහෙන් බැඳී එදා
මතකේ නොමියේ ඔබ මා සිතින් සදා
ආදරයේ රස මියුරු වේදනා

රහසේ හඬනා අප හැඟුම්...

සඳ රෑ සිහිනේ සෙවණැල්ල සේ වෙලී  
ඉමු අපි සොඳුරේ සුපුරුදු ලෙසින් බැඳී
ආදරයේ රස මියුරු වේදනා

රහසේ හඬනා අප හැඟුම්...

ගායනය - නීලා වික්‍රමසිංහ
         ක්ලැරන්ස් විජේවර්ධන 

[/vc_column_text][/vc_column][vc_column width=”1/2″][vc_media_grid grid_id=”vc_gid:1477970174450-34f37f76-fd5f-9″ include=”2004″][vc_column_text]

පියමන් කෙරුවෙමු

පියමන් කෙරුවෙමු මහ‍ වෙල් මැද්දෙන්
පෙම්බස් දෙඩුවෙමු උයන් කො‍නෙක හිද
ශිල්ප උගත්තෙමු නැණ ලැබ ගත්තෙමු
දෙපා වාරු නැත ඔබ හැර යන්නට

නිල් තණ පලසෙහි ගැටුන දෙපාවයි
කෝල හැඟුම් කෙලි කවට සිනාවයි
මල් නැටුමයි - කළගෙඩි නැටුමයි
මගේ දෑස තුල යලිත් ඇදේවිද

පියමන් කෙරුවෙමු....

නෙත කඳුලින් හස පෙමින් මුවාකල
සොදුරු පැතුම් පුරවා මන මත් කල
මගෙ කෙලිලොල් විය ගෙවුනු වගයි
මා හැදු පාසල් මවුනි දායාදර

පියමන් කෙරුවෙමු.....

ගායනය - නීලා වික්‍රමසිංහ
         සෝමතිලක ජයමහ

[/vc_column_text][/vc_column][/vc_row][vc_row][vc_column width=”1/2″][vc_media_grid grid_id=”vc_gid:1477970174451-62b56c51-5a5f-9″ include=”2004″][vc_column_text]

තුන් සිත දැහැන්

තුන් සිත දැහැන් ගත වෙනා
සිතුවිලි සසල කරවනා
පදවැල් අතර ගැයෙන ස්ව‍රයේ සප්ත වර්ණ
සිත ළඟ ගයනවද ඔයා

තුන් පැය අතර නිමවෙනා
මතකය අතර රැ‍ඳවෙනා
සිනමා පටයෙ රැඳෙන සුන්දර සිහින රැඟුම
සිත ළඟ රඟනවද ඔයා

නෙතගට කඳුළ ගෙන දෙනා
නරඹන සිතද හඬවනා
දුක්බර ප්‍රේම රැඟුම සුන්දර පියවි ලොවක
රඟන්න කියන්නට එපා

තනිකම සිතට කැඳවනා
තනිවම සිතින් වැලපෙනා
දුක්බර විරහ ගැයුම සුන්දර පියවි ලොවක
ගයන්න කියන්නට එපා

තුන් සිත දැහැන් ගතවෙනා...

පෙම්බර වදන් වැල් විනා
දුක්බර දෙබස් නම් එපා
සිනමා ලොවක මිසක දිවියක සබෑ ලොවක
දුක්බර චරිතයක් එපා

සුන්දර අදහසක් තියා
දුක්බර පදවැලක් ලියා
සත්සර අතර මිසක සුන්දර සැබෑ ලොවක
දුක්බර ගැයුම නම් එපා

තුන් සිත දැහැන් ගතවෙනා...

ගායනය - නීලා වික්‍රමසිංහ
         කමල් අද්දරආරච්චි

[/vc_column_text][/vc_column][vc_column width=”1/2″][vc_media_grid grid_id=”vc_gid:1477970174451-05604cdf-4e08-4″ include=”2004″][vc_column_text]

වියෝ ගී ගැයෙනා

වියෝ ගී ගැයෙනා හදේ
ආදර මල් නොමියේ
සදා මේ සංසාරේ
අපේ හමුවීම නොවේ

අතීතයේ මායා රූ කැඩී බිඳී යාවී
අනාත වූ මා දෑසේ කතා නිමා වේවී
මගේ කදුළු හංගා මා සිනා සිසී ඉන්නේ
ඔබේ ලොවේ හිරු පායා සදා සිනාසේවා

වියෝ ගී ගැයෙනා...

අනාගතේ සිහිනේ නෑ මෙදා සැබෑ වන්නේ
මිලාන වූ ආකාසේ අපේ පැතුම් පාවේ
මගේ පැලේ තනි වී මා සුසුම් හෙලන වේලේ
ඔබේ ලොවේ හිරු පායා සදා සිනාසේවා

වියෝ ගී ගැයෙනා...

ගායනය නීලා වික්‍රමසිංහ

[/vc_column_text][/vc_column][/vc_row]

Share this Post