ETCA මේ වසර අවසානයේ….

ඉන්දු – ශ්‍රී ලංකා ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා ගිවිසුමට (ETCA) මේ වසර අවසානයේදී අත්සන් තැබීමට නියමිත බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේදී පවසා අැත.

පසුගිය 6 වෙනිදා ඉන්දියාවේ  පැවති ඉන්දීය අාර්ථික සමුළුවට සහභාගි වූ අගමැතිවරයා එම සමුළුෙව් මුඛ්‍ය ෙද්ශනය පවත්වමින් ෙම් බව ප්‍රකාශ කර අැත. එහිදී අගමැතිවරයා පැවසූවේ ‘තමා හා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි තීරණය කරගත් පරිදි යෝජිත ගිවිසුම මේ වසර අවසානයට පෙර අත්සන් තබන බවයි.

බටහිර රටවල් විසින් සම්පාදනය කළ ගෝලීය ආර්ථිකයේ නීතිරීති මෙතෙක් කල් අප විසින් ක්‍රියාත්මක කරනු ලැබූව ද අද වන විට මෙම ක්‍රමවේදය විවිධ අර්බුදයන්ට ලක් වී තිබෙන තත්ත්වය මත මෙම නීතිරීති සම්පාදනය කිරීමේ අවස්ථාව ආසියාව වෙත ලබාගැනීමට හැකි නම් එම අභියෝග ජය ගෙන යුරෝපා රටවල් අභිබවා යාමට පවා ආසියාවට හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඔක්තෝබර් 06 වන දින නවදිල්ලි නුවර පැවැති ඉන්දීය ආර්ථික සමුළුව අමතා ප්‍රකාශ කළේය.

තවද, වසර 2020 වන විට ලංකාවේ අයවැය පරතරය 3.5% දක්වා අඩු කරමින් සීඝ්‍ර ආර්ථික වර්ධන වේගයක් අත්පත් කර ගෙන ඉදිරියට ගෙන යාම ශ්‍රී ලංකාවේ නව ආර්ථික ක්‍රියා පිළිවෙතේ ප්‍රධාන අරමුණ බවත් අගමැතිවරයා සිය දේශනයේදී  පැවසීය.

ඉන්දියාව, සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින ත්‍රෙෙපාක්ෂික වෙළෙඳ සහයෝගිතාවට අමතරව ඉන්දුනීසියාව, මැ‍ලේසියාව සහ බිම්ස්ටෙක් රටවල්වල වෙළෙඳ‍පොළවල් කෙරෙහි ද අපේ අවධානය යොමු විය යුතු බව ද පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා දකුණු ආසියාවෙන් ඔබ්බට ගොස් බෙංගාල බොක්ක ආශ්‍රිත සියලුම රටවල් සමග එක්ව ආර්ථික සහයෝගිතා කලාපයක් පිහිටුවීම කෙරෙහි අපේ අවධානය යොමු කළ යුතු බව ද අවධාරණය කළේය.

Share this Post