කොළඹ ජාතික රෝහලේ හෘද ශල්‍ය ඒකකයේ ශල්‍යාගාර දෙකක්ම මාස 2 ක කාලයක් තිස්සේ වසා දමා ඇති නිසා හෘද රෝගීන් දහස් ගණනක් දැඩි ජීවිත අවදානම් තත්ත්වයකට පත්ව ඇති බව වාර්තා වේ.

ජාතික රෝහලේ පැවති ශල්‍යාගාර තුනෙන් දෙකක්ම මෙසේ වසා දමා ඇති අතර එකක පමණක් සැත්කම් කටයුතු සිදු කෙරේ. මෙම ශල්‍යාගාර දෙක අබලන් තත්ත්වයේ පැවතීම නිසා අලුත්වැඩියා කටයුතු සිදුකිරීමට වසා දමා ඇති අතර ඒවායේ අලුත්වැඩියා කටයුතු නිම වීමට තවත් මාස 2 ක පමණ කාලයක් ගතවනු ඇතැයි ‘දිවයින’ පුවත්පත කළ විමසීමකදී රොහලේ අධ්‍යක්ෂවරයා පවසා ඇත.

මේ වන විට බයිපාස් ඇතුළු හදවත් සැත්කම් අපේක්ෂාවෙන් හෘද ඒකක වාට්ටුවල සිටින රෝගීන් 40 කගේ පමණද පොරොත්තු ලේඛනයේ සිටින රෝගීන් දහස් ගණනක්ද මේ නිසා අවදානම් තත්ත්වයකට පත් වී ඇත.

මේ වන විට විවෘතව ඇති ශල්‍යාගාරයේ හදිසි හදවත් සැත්කම් පමණක් සිදුකරන බව පැවසේ.

Share this Post