යුරෝපය ඇතුළු බටහිර රටවල ගැහැනු පිරිමි බේදයක් නැතිව බොහෝ දෙනෙක් මත්පැන් බොන බව රහසක් නොවේ. ඒත් මේ සමස්ත පිරිසම බොන මත්පැන් ප්‍රමාණයට වඩා අධික ප්‍රමාණයක් අපේ ලංකාවේ කට්ටිය බොන බව ඔබ දැන සිටියාද?

දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී මේ බව හෙළිදරව් කොට ඇත.

ඒ අනුව බටහිර රටවල් හා සසඳා බැලීමේදී ලංකාවේ මත් ලෝලීන් බොන මද්‍යසාර ප්‍රමාණය පස් ගුණයකින් පමණ වැඩි බව ඔහු පවසා ඇත.

ලංකාවේ සමස්ත ජනගහනයෙන් සියයට 20 ක් පමණක් මද්‍යසාර භාවිත කරද්දී යුරෝපයේ සමස්ත ජනගහනයෙන් සියයට 95 ක් මද්‍යසාර භාවිත කරති. එහෙත් මධ්‍යසාර බොන ලංකාවේ සුළු පිරිසගේ ඒකපුද්ගල මද්‍යසාර පරිභෝජනය දිනකට ලීටර 3.3 කි. මෙය යුරෝපයේ එය ලීටර 0.5 ක් ලෙස සඳහන් වේ.

ලංකාවේ පිරිමි සියයට 37.1 ක්ද ගැහැනු සියයට 2.4 ක්ද යෞවනයන් සැලකිය යුතු ප්‍රමාණයක්ද මද්‍යසාර පරිභෝජනය කරන බව වෛද්‍ය අබේකෝන් පවසා තිබුණි. ලංකාවේ මත්පැන් පරිභෝජනයට හුරුවන කාන්තාවන් ප්‍රතිශතය සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බවද පසුගිය කාලයේ සියයට 1.2 ක් ලෙස තිබූ එම ප්‍රතිශතය අද සියයට 2.4 ක් දක්වා දෙගුණයකින් ඉහළ ගොස් ඇති බවද ඔහු පෙන්වා දී තිබුණි.

Share this Post