වර්තමාන ආණ්ඩුව බලයට පත් වීමේදී බලවත් ආන්දෝලනයක් ඇති කරමින් පුවත් මැවූ කොළඹ වරාය නගරය එහෙමත් නැතිනම් ‘කොළඹ පෝට් සිටි – Colombo Port City’ ව්‍යාපෘතිය මින් ඉදිරියට අලුත් නමකින් හැඳින්වීමට රජය තීරණය කර ඇත. ඒ අනුව මින් ඉදිරියට එය Colombo Financial City ලෙස හැඳින්වෙනු ඇත.

පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය හරින් ප්‍රනාන්දු මේ බව ප්‍රකාශ කර ඇති අතර ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව ලබන සතියේ ඉදිරිපත් කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.  

Share this Post