ජර්මනියේ මියුනිච්හි ඔලිම්පියා සාප්පු සංකීර්ණය තුළ සිදුවූ වෙඩි තැබීමෙන් මේ වන විට 9 දෙනෙකු මරුමුවට පත් වී 21 දෙනෙකුට පමණ තුවාල සිදුවී ඇති බව සී.එන්.එන්. ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි.

ප්‍රහාරයත් සමගම නගරය පුරා දැවැන්ත පොලිස් මෙහෙයුම් කටයුතු ආරම්භ කෙරුණු අතර ප්‍රහාරය සිදුකළ බවට සැක කළ පුද්ගලයාද මියගොස් ඇති බව සනාථ වී ඇත. මෙහිදී ඔහු විසින්ම වෙඩි තබාගන්නට ඇතැයි පොලිසිය පවසයි.

මෙම නාදුනන තුවක්කුකරු 18 හැවිරිදි ඉරාන ජාතිකයකු බව හෙළි වී ඇති අතර ඔහු වසර දෙකකට වැඩි කාලයක් මිනියුච්හි වාසය කළ තැනැත්තෙකි. මෙම ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු කණ්ඩායමක් භාරගෙන නොමැති බව එරට පොලිසිය පවසයි.

 

Share this Post