[vc_row][vc_column width=”1/2″][vc_media_grid grid_id=”vc_gid:1469290293251-0e2a8d5d-750b-2″ include=”1073″][vc_column_text]

මගෙ හිත

මගෙ හිත පිරී තිබෙන්නේ - ඔබ ගැන සිතිවිල්ලෙන්
වෙන කිසිවකු ගැන හිතන්න - ‍හදවතට ඉඩක් නැහැනේ

මගෙ නෙත රැඳී තිබෙන්නේ - ඔබගේ සඳ මුහුණයි
වෙන කිසිවකු හෝ දකින්න - ‍දෙනුවනට ඉඩක් නැහැනේ

අප ළං කරවා - කාලය පියඹා
ආලය ගැන විමසයි - කවුරුන් වේවා
හමු වූ මොහොතේ - මට ඔබ ගැන පවසයි

මගෙ හිත පිරී තිබෙන්නේ….

මගෙ නෙත රැඳී තිබෙන්නේ ….

කඳුළැල් මැදුරේ - හසරැල් නැවතී
සෙනෙහස ගැන පවසයි - පීදෙන පියුමන්
දළුලන තුරු වැල් - මට ඔබ ගැන පවසයි

වසන්තය කියන්නේ ඔබටයි මටයි

ගායනය - නිරංජලා සරෝජිනී  
         අබේවර්ධන බාලසූරිය
සංගීතය - වික්ටර් රත්නායක
ගී පද - කේ. ඩී. කේ. ධර්මවර්ධන

[/vc_column_text][/vc_column][vc_column width=”1/2″][vc_media_grid grid_id=”vc_gid:1469290293252-4789ed18-4156-5″ include=”1073″][vc_column_text]

නිසංසලේ මා

නිසංසලේ මා තනියෙන්
තනියට මගෙ හිත ළඟටම අවුදින්
නිසංසලේ ඔබ තනියෙන්
තනියට ඔබෙ සිත ළඟටම අවුදින්

නිසංසලේ  මා තනියෙන්...

නිසල සිතේ ඒ සසළ සුසුම්
පෙම් ගී ගැයුවා ඔබේ නමින්
සසල දෙතොල් නිසල හඬින්
පෙම් ගී ගැයුවා ඔබේ නමින්

නිසංසලේ මා තනියෙන්...

දෑසක ගොළු වුණු තනිය නිවාලන
දෑසක් සෙව්වෙමි සසර පුරා
අඳුරු නිශාවක පිපුණු සඳක් සේ
ඔබ හමු වූවා නො සිතු ලෙසින්
නිසංසලේ මා තනියෙන්...

ගායනය - නිරංජලා සරෝජිනී 
         අබේවර්ධන බාලසූරිය
සංගීතය - වික්ටර් රත්නායක
ගී පද - කුසුම් පීරිස්

[/vc_column_text][/vc_column][/vc_row][vc_row][vc_column width=”1/2″][vc_media_grid grid_id=”vc_gid:1469290293253-f1e1dda4-8353-6″ include=”1073″][vc_column_text]

සිහිනයකි ඔබ

සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ
නිදන නෙත් යුග සනසනා
සිතුම් රැළි ඔබ තනිව හිඳි වේලේ
නිහඬ මා හද සනසනා

ඉරකි ඔබ මට සදකි ඔබ මට
කිසිදු කිසි විට සමුනොගන්නා
සයුරු රළ ඔබ ඈත සමුදුර
සයුරුතෙර මා හමුවනා

සිහිනයකි ඔබ.....

යුග ගණන් අප වෙන්ව ආ මඟ
සොඳුරු නිම්නෙක එක්වෙලා
දුක් සුසුම් නැති අපේ ලොව තුළ
සිනා මල් පෙති විසිරිලා

හිරුට තනි නැත සඳුත් නැත තනි වී
එකම අහසක හමුවෙලා
ලොවම සසලව බලා සිටියාවේ
යලිඳු අප හද ළං වෙලා

ගායනය - නිරංජලා සරෝජිනී  
         බණ්ඩාර අතාවුද
සංගීතය - එච්. එම්. ජයවර්ධන
ගී පද - කුසුම් පීරිස්

[/vc_column_text][/vc_column][vc_column width=”1/2″][vc_media_grid grid_id=”vc_gid:1469290293254-365dd362-3396-4″ include=”1073″][vc_column_text]

අකලට වට

අකලට වට මහ වරුසාවක් සේ
අසුබ දිනෙක ආ සුබ පැතුමක් සේ
මා හැර ගිය ඔබ නොසිතූ මොහොතක
ඇයිදෝ යළි ආවේ

පෙරදා මෙන් හද මල් පිපුනාදෝ
සතුටු කඳුළු නුඹ ළඟ මිදුනාදෝ
අතීත ආදර නටබුන් අතරේ
මන්දිර මැව්වාදෝ

සොවක් නැතේ නොසිතනු මැන සංකා
ඔබෙන් ලබනු කුමටද අනුකම්පා
රජෙකුට හිමි වූ මා දැන් රැජිණකි
සතුටයි කිරුළ අපේ

හෙට හමුවීමෙන් කිසිදු පලක් නෑ
ඔබේ ඇරයුම පිළිගන්න හිතක් නෑ
විමසන වදනට පිළිතුරු දෙන්නම්
ළඟකදී ලබන දිනේ

අකලට වට මහ වරුසාවක් සේ
අසුබ දිනෙක ආ සුබ පැතුමක් සේ
මා හැර ගිය ඔබ නොසිතූ මොහොතක
ඇයිදෝ යළි ආවේ
ඇයිදෝ යළි ආවේ
ඇයිදෝ යළි ආවේ

ගායනය - නිරංජලා සරෝජිනී
සංගීතය - නන්දා මාලිනී
ගී පද - දයා ද අල්විස්

[/vc_column_text][/vc_column][/vc_row][vc_row][vc_column width=”1/2″][vc_media_grid grid_id=”vc_gid:1469290293255-2c182403-6504-7″ include=”1073″][vc_column_text]

ඈත සංසාරේ

ඈත සංසාරේ
නිබඳ බැඳී ආ සබඳ කමක් විය
ඈත සංසාරේ...

ඈත සංසාරේ
සබඳ කමක් නැත හමුවීමක් මිස
ඈත සංසාරේ

දුකට හඬා වැටෙනා බොල් අහසට
තනිය මකන ඉරබටු තරුවක් ලෙස
වැසි යදිනා ගිනි ලන වැලි කතරට
සිහිල ගෙනා මඳ නල රැල්ලක් ලෙස

ඈත සංසාරේ
නිබඳ බැඳී ආ සබඳ කමක් විය
ඈත සංසාරේ

භවෙන් භවය පැතු සුභ පැතුමක් නොව
යුගෙන් යුගය රැකි මහරු මිණක් නොව
තොළින් තොළඟ රැඳි හසරැල්ලක් නොව
අනන්තයක නැඟි දේදුන්නක් නොව

ඈත සංසාරේ
සබඳ කමක් නැතහමුවීමක් මිස
ඈත සංසාරේ

ඈත සංසාරේ...............

ගායනය - නිරංජලා සරෝජිනී 
        රෝහණ වීරසිංහ
සංගීතය - රෝහණ වීරසිංහ
ගී පද - කුමාරදාස සපුතන්ත්‍රී

[/vc_column_text][/vc_column][vc_column width=”1/2″][vc_media_grid grid_id=”vc_gid:1469290293255-6d640ef0-3399-0″ include=”1073″][vc_column_text]

මේ ගඟ මේ දුරු කතර

මේ ගඟ මේ දුරු කතර ගෙවා
ඇයි මෙතැනින් සයුරේ වැටුණේ
මේ හැටි දුර පියමන් කරලා
ඇයි මම ඔබ ළඟ නතර වුණේ

මේ විල මේ නිල් දියෙන් පිරී
ඇයි මේ මල විල මත පිපුණේ
මා හද විල පතුලෙන් මතුවී
ඇයි ඔබ ආදර මල පිපුණේ

මේ ගඟ මේ දුරු කතර ගෙවා...

මේ විස කටු ගස ළඟ ඉපදී
ඇයි මේ මල් වැල එහි එතුනේ
ගිලිහී යන්නට ඔබ සුරතේ
ඇයි මගේ මේ අතැඟිලි බැදුණේ

මේ ගඟ මේ දුරු කතර ගෙවා...

ගායනය - නිරංජලා සරෝජිනී පීරිස්
පද රචනය - ලූෂන් බුලත්සිංහල
සංගීතය - එච්. එම්. ජයවර්ධන

[/vc_column_text][/vc_column][/vc_row]

Share this Post