[vc_row][vc_column width=”1/2″][vc_media_grid grid_id=”vc_gid:1469288640620-372f6bce-7077-8″ include=”1100″][vc_column_text]

ත‍ටු ඇවිල්ලා

ත‍ටු ඇවිල්ලා - ඔබ ඔහේ යනවා
කොහොම කීවත් - නවත්වන්නට බෑ
ප්‍රේම ආලින්දයේ
එන්න නවතිමු - පය ගසාගෙන
මේ සොඳුරු පොළොවේ

කෙසේ නම් මම නවත්වන්නද
මල් රේණු රේණු සැලෙනා
හිවුඩු පිපෙනා පැතුම් පුරනා
අහස යට ඔබ පාවී යන්නා
තෙත සිඳුණු බොල්
හීන සුළඟ දිගේ

ත‍ටු ඇවිල්ලා - ඔබ ඔහේ යනවා
කොහොම කීවත් - නවත්වන්නට බෑ
ප්‍රේම ආලින්දයේ
එන්න නවතිමු - පය ගසාගෙන
මේ සොඳුරු පොළොවේ
නෙළූ පලවැල මග දමන්නද
දෙපා උඩුකුරු හිසින් බිම හිඳිනා
කුරුළු බිලිඳු හෙලන කඳුළු
මහමෙරක් යට - තනිව මා උන්නා

ත‍ටු ඇවිල්ලා - ඔබ ඔහේ යනවා
කොහොම කීවත් - නවත්වන්නට බෑ
ප්‍රේම ආලින්දයේ
එන්න නවතිමු - පය ගසාගෙන
මේ සොඳුරු පොළොවේ

ගායනය - අමරසිරි පීරිස්
සංගීතය - සමන්ත පෙරේරා
ගී පද - උපුල් ශාන්ත සන්නස්ගල

[/vc_column_text][/vc_column][vc_column width=”1/2″][vc_media_grid grid_id=”vc_gid:1469288640621-fbef5151-e43d-0″ include=”1100″][vc_column_text]

ඇය යන්න ගියා මැකිලා

ඇය යන්න ගියා මැකිලා
වන සිරසක තුරු සෙවනැලි අතරේ
ගී ගයමින් හිඳ මා තුරුලේ

ඇය යන්න ගියා මැකිලා
ඇය යන්න ගියා මැකිලා...

පිණි කඳුලක් මල්පෙති අග තවරා
මිහිදුම් සළුවෙන් මුහුණ වසා

නිල්ල නිලන නිල් කදුවැටි අතරේ
සඳ එලියේ මං පෙත පාදා
රහසක් සඟවා ගොළු වූ හදකින්
යන්න ගියා මැකිලා

ඇය යන්න ගියා මැකිලා...

යලි කවදාවත් හමුනොවෙනා බව
මද පවණක් හිස අතගා කීවද
අදහාගන්නට නොහැකිය කිසිදින
ඇය යලි නොඑතැයි ගිම්හානෙට පෙර

ඇය යන්න ගියා මැකිලා...

ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : සුනිල් සරත් පෙරේරා
සංගීතය : එච් එම් ජයවර්ධන

[/vc_column_text][/vc_column][/vc_row][vc_row][vc_column width=”1/2″][vc_media_grid grid_id=”vc_gid:1469288640622-343c3366-8cb0-4″ include=”1100″][vc_column_text]

චන්ද්‍ර මඬුල්ලෙන්

චන්ද්‍ර මඬුල්ලෙන් සඳ රැස් ගලලා
නිසංසලේ ලොව නිදහස් මොහොතේ
මේ කුළු දේදුනු තරු දැක ගන්නට
රෑ පිපිලා කළු රෝසමලක්

ඉසි කෝ වා ‍රැළි මවෙත නොවේවා
හලාහල විෂෙන් උපන් චේතනා
අශාවෙන් මන මෝදු කරද්දී
රෑ පිපිලා කළු රෝස මලක්

චන්ද්‍ර මඬුල්ලෙන්...

තෙලබේරිය ගෙඩි පාට දෙතොල්
පොපියා හස දෙන සුරවමියේ
මල් ගොමුවේ ගං තෙරෙහි සරද්දී
රෑ පිපිලා කළු රෝසමලක්

චන්ද්‍ර මඬුල්ලෙන්...

ගායනය - අමරසිරි පීරිස්

[/vc_column_text][/vc_column][vc_column width=”1/2″][vc_media_grid grid_id=”vc_gid:1469288640623-8ba2a33a-c108-1″ include=”1100″][vc_column_text]

හිම දියවී හිමාලයේ

හිම දියවී හිමාලයේ
යමුනා ගඟ නගයි තරංගා
සුදු පෙණ කැටි බලන්න රාධා
සුළඟ හමයි සීතල සාදා
සීතල ගිනි ගනීද ක්‍රිෂ්ණා

සිනා රැලි නගා උතුරණ
ඔය හදවත් නීල ජලාසේ
පීණන මේ ස්වර්ණ හංසයෝ
අකීකරුද මෙතරම් රාධා

ඉඩ දී දෙන්නට දඩුවම්
දෑස පියා ගන්නම් ක්‍රිෂ්ණා

හිම දියවී හිමාලයේ...

මල් පෙති පොඩිවී ඉකිලන
මේ හෝපලු යහන් තලාවේ
සඳ දිය මිණිමෙවුලට වැටිලා
දෑස නිලංකාරයි රාධා

ගිලිහී ගියදෙන් මිණි කැට
දෑස වසා ඉන්නම් ක්‍රිෂ්ණා

හිම දියවී හිමාලයේ...

ගායනය - අමරසිරි පීරිස්  
         වසන්තා තිලකාංගනී
පද රචනය - ධම්මික බණ්ඩාර
සංගීතය - ඩැනිස්ටර් පෙරේරා

[/vc_column_text][/vc_column][/vc_row][vc_row][vc_column width=”1/2″][vc_media_grid grid_id=”vc_gid:1469288640624-2d4a8b29-7d03-7″ include=”1100″][vc_column_text]

ඉකි ගසා හඬන

ඉකිගසා හඬන අතීතයක
කඳුළු එක්ක ගනුදෙනු කරනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුණා

හීනෙන් හිනැහී තුන්යම මා රවටා
මැදියම් මහ රෑ අදටත් දුක ඉඟිලෙනවා
නින්දෙන් ඇහැරී කළුවරේම යලි සොයනා
ට මගේ නොවන... මගේම ආදරයක් තිබුණා...

මගේම ආදරයක් තිබුණා..

රිදුමක් වගේ කිසිදා සුව නොවෙනා
සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා
මුමුණනු බැරි තැන උණු කඳුළුම වගුරුවනා

මට මගේ නොවන
මගේම ආදරයක් තිබුණා
මගේම ආදරයක් තිබුණා

ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - අමිල තේනුවර
සංගීතය - දර්ශන රුවන් දිසානායක

[/vc_column_text][/vc_column][vc_column width=”1/2″][vc_media_grid grid_id=”vc_gid:1469288640625-bacda553-9e1c-3″ include=”1100″][vc_column_text]

සඳුද අවදියෙන්

සඳුද අවදියෙන් තරුද අවදියෙන්
මේ නිශාන්තයේ....
ඔබ ළඟ නැති තව දිනක් ගෙවී යයි
තනිවුන වසන්තයේ...

සීතල නැතිවුනි මිහිරිය නල මත
කොද කිණි බිඟු වුනි මධු පුරවා
උණුසුම දිස්වුනෙ නෑ නෙත මානෙට
ඔබ ළඟ නැතිවම අද මා තනිවම

සඳුද අවදියෙන්...

පහන් නොදැල්වෙන ඔබෙ පැල්පත තුළ
නිදිමත අඩනෙතු පිය සනහා
මගේම කඳුළක් වී පිණිබිදු ලෙස
ඔබෙ කවුළුව ළඟ පිපි මල්පෙති මත

සඳුද අවදියෙන්...

ගායනය - අමරසිරි පීරිස් 
         වසන්තා තිලකාංගනී
පද රචනය - ධම්මික බණ්ඩාර
සංගීතය - ඩැනිස්ටර් පෙරේරා

[/vc_column_text][/vc_column][/vc_row][vc_row][vc_column width=”1/2″][vc_media_grid grid_id=”vc_gid:1469288640627-7dfbc426-5ebf-10″ include=”1100″][vc_column_text]

නෙක උයන් වතු

නෙක උයන් වතු මැදින්
හමා යයි නව මන්ද මාරුතේ
සොඳුර මේ අප පැතුම් සුපිපෙනා
හිතමිතුරු වූ වසත් කාලයයි

සිතුවමින් මතුව ආ සුසුම් රැල්
බොඳ මලක් මත වැටී බොඳව යයි
සිහිනයක් අවදි වී පිය නගයි
අඬ අඳුරු සීත කඳු මාවතේ

නෙක උයන් වතු මැදින්...

නොම තැවෙන් රාත්‍රිය දිගු විනැයි
හෙට දවස මීවිතක් සේ දිසෙයි
නිදැල්ලේ ගලා ගිය ජීවිතේ
නිම්නයක නතර වී ගිම් නිවයි

නෙක උයන් වතු මැදින්...

ගායනය - ප්‍රදීපා ධර්මදාස  
         අමරසිරි පීරිස්

[/vc_column_text][/vc_column][vc_column width=”1/2″][vc_media_grid grid_id=”vc_gid:1469288640628-3707624a-136e-8″ include=”1100″][vc_column_text]

ආදරයේ උණුසුම් සුසුම්

ආදරයේ උණුසුම් සුසුම් සුවඳද මෙතරම්
එහෙනම් සැලමුතු පෙම තුළ නිසසල වී
ලොව නවතීවා සැනෙකින්
ආදරයේ උණුසුම් සුසුම් සුවඳද‍ මෙතරම්

දේදුණු දෙබැමින් ඉඟිකරමින් හිනැහෙන විට
අනේ ලෙන්ගතුදැයි කෙතරම්
බිළිඳකු‍ සේ ළමැදේ ගුලිවූ විටෙක ලොබින්
සත්තයි ඒ හැඩිදැඩි නුඹදැයි සිතේ

ආදරයේ උණුසුම්..

සීතල දෙතොලින් සිසිල‍සකින් මුමුණනවිට
අනේ හීනෙන් දැයි නෑ‍ගෙයි
හාදු මතින් නළලේ උණුසුම් තිළක තියා
පිදුවේ ඒ නුඹගේ සෙවනැල්ල තමයි...

ආදරයේ උණුසුම්...

ගායනය - අමරසිරි පීරිස් 
         නිරෝෂා විරාජිනී

[/vc_column_text][/vc_column][/vc_row]

Share this Post