පසුගිය ජූලි 12 වෙනිදායින් අවසන් වූ ‘පොදු සමා’ කාලය තුළ ත්‍රිවිධ හමුදාව හැර ගොස් සිටි 25,000 ක පමණ වූ හමුදා සාමාජිකයින් අතරින් 16,000 කට ආසන්න පිරිසක් නිත්‍යනුකූල ආකාරයෙන් හමුදා සේවාවන්ගෙන් ඉවත් වී ඇති බව වාර්තා වේ.

එලෙස භාර නොවී සිටින හමුදාව හැර ගිය සාමාජිකයින් 9,000 ක පමණ පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමග එක්ව කටයුතු කරන බව මේ පිළිබඳව බීබීසී සංදේශයට අදහස් දැක්වූ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර පවසා ඇත.

පොදු සමා කාලයක් ප්‍රකාශ කළ විට එම කාලය තුළ කිසිම නීතියක් ක්‍රියාත්මක නොකරන නමුත් මේ කාල සීමාවෙන් පිටත නිවාඩු නොගෙන සේවයට වාර්තා නොකරන පිරිස සම්බන්ධයෙන් සිවිල් නීතිය ක්‍රියාත්මක කර අත්අඩංගුවට ගැනීමට සිදුවන බවත් බ්‍රිගේඩියර් වරයා මෙහිදී පැවසීය.

Share this Post