දිනෙන් දින කැනඩාවට පැමිණෙන සරණාගතයින්ගේ සංඛ්‍යාව අධික වීමත් සමග ඔවුන් සඳහා ඇති සරණාගත කඳවුරු පිරී ඉතිරී යන තත්ත්වයකට පත්ව ඇති බව වාර්තා වේ. 2017 වසරේ මුල් භාගයේ සිට මේ දක්වා කැනඩාවට අනවසරයෙන් ඇතුළු වී මේ වන විට ලියාපදිංචි වී ඇති සරණාගතයින් සංඛ්‍යාව 34,000 ඉක්මවා ඇති බව එ් පිළිබඳ ඇති සංඛ්‍යාලේඛන සඳහන් කරයි.
මේ අතරින් 398 දෙනෙකු පමණ ඉවත් කර ඇති අතර අනෙකුත් සරණාගතයින් සියල්ලන්ම තම සරණාගත හිමිකම් ලබාගැනීමට බලාපොරොත්තුවෙන් පසු වේ.
සරණාගතයින් පිළිබඳ ගැටලුව දැඩිව දැනෙන පළාත් අතර ඨඔ් කලාපය ප‍්‍රධාන තැනක් ගෙන ඇති අතර මෙම පළාතෙහි හෝටල්, මොටෙල් ඇතුළු සියලූම නවාතැන්පොළවල් මෙම සරණාගතයින් සඳහා නවාතැන් පහසුකම් සැපයීමට යොදාගෙන ඇත. ෆෙඩරල් රජයේ අනුග‍්‍රහය සහිතව එම ස්ථානවල මෙම පිරිසට නවාතැන් පහසුකම් ලබා දී ඇති අතර සැප්තැම්බර් 30 වනදා දක්වා මෙම හෝටල් සහ මොටෙල් කාමර සඳහා රජය විසින් ගෙවීම් සිදුකොට ඇත. එහෙත් එම ස්ථානවලින් ඔවුන් ඉවත් කොට පොදු කඳවුරකට, නිවෙස්වලට හෝ පහසුකම් ඇති වෙනත් ස්ථාන කරා මේ පිරිස රැගෙන යෑමට රජය බලාපොරොත්තු වූ කාලයට වඩා දිගු කාලයක් ගතවනු ඇතැයි පැවසේ. මෙම තත්ත්වය තුළ ඔක්තෝබර් මාසය සඳහාද මොවුන් වෙනුවෙන් හෝටල් සහ මොටෙල් බිල්පත් ගෙවීමට රජයට සිදුවෙනු ඇත. මෙසේ හෝටල් වැනි ස්ථානවල මෙම පිරිස් නැවැත්වීම තාවකාලික විසඳුමක් වන අතර අවතැන් වූවන් සඳහා ස්ථිර නවාතැන් සැපයීම වෙනුවෙන් ෆෙඩරල් සහ නාගරික නිලධාරීන් විශාල අරගලයක යෙදී ඇති බවක් දක්නට ලැබේ.
මේ අතර පසුගිය ජූලි මාසයේ සිට සරණාගතයින් නැවත පදිංචි කිරීම සඳහා සහයෝගය ලබාදීම ඔන්ටේරියෝ රජය විසින් ප‍්‍රතික්ෂේප කොට ඇත. මේ පිළිබඳව අදහස් දක්වන ඔන්ටේරියෝ ප්‍රෙමියර් ඩග් ෆෝඞ් පවසා ඇත්තේ, මෙම ගැටලුව ෆෙඩරල් රජය විසින් නිර්මාණය කරගත්තක් නිසා එය දරා ගැනීමද ඔවුන් විසින්ම කළ යුතු බවයි. ෆෝඞ්ගේ මෙම ප‍්‍රකාශය ඔන්ටේරියෝ මහජන කටයුතු හා සමාජ සේවා අමාත්‍යාංශය විසින්ද නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇති අතර, දේශසීමා කළමනාකරණය, සරණාගතයින් සඳහා රැුකවරණ කටයුතු සැපයීම ආදිය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ ‘තනි අයිතිය’ (sole jurisdiction) ෆෙඩරල් ආණ්ඩුව සතු වූවක් බව එයින් පැවසේ.
දේශසීමා හා අවිධිමත් ස්ථාන හරහා පැමිණෙන පිරිස් ඔන්ටේරියෝව වෙත යොමු කිරීමේදී ඔවුන් වෙනුවෙන් දරන්නට සිදුවන සියලූ පිරිවැය සඳහා වන වගකීම ෆෙඩරල් රජය විසින් ගත යුතු බවද පසුගිය ජූලි මාසයේදී ඔන්ටේරියෝ පළාත් ආණ්ඩුව විසින් ෆෙඩරල් ආණ්ඩුවට දන්වා තිබුණි. මෙම සරණාගත පිරිස වෙනුවෙන් ඩොලර් මිලියන 200 ක් පමණ වැය වෙතැයිද මෙම ඇස්තමේන්තුගත මුදල ෆෙඩරල් රජය විසින් ගෙවිය යුතු බවද ඔන්ටේරියෝ ආණ්ඩුව පවසයි.
එපමණක් නොව එසේ යොමුකරන සරණාගතයින් සඳහා සිදුකරන නඩු විභාග දින 60 ක් වැනි කාලයකදී අසා අවසන් කරන ලෙසද ඔන්ටේරියෝ රජය ෆෙඩරල් රජයට ලිපියක් මගින් දන්වා ඇත. පසුගිය මාස 20 පුරා දේශසීමාවන් හරහා මෙරටට පැමිණි ඇති දහස් ගණනක් වූ සරණාගතයින් ප‍්‍රමාණය නිසා සරණාගත ඉල්ලීම් ඉතාමත් අධික වී ඇති අතර එය සාමාන්‍ය තත්ත්වය මෙන් තුනෙන් දෙකක ප‍්‍රමාණයක් ඉක්මවා යන තරම් යැයි වාර්තා වේ.
සරණාගතයින් සම්බන්ධයෙන් කැනඩාවට ඇති ගැටලූ සහගත තත්ත්වයන් මෙසේ වුවත්, කැනඩා ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ගත් සුවිශේෂී තීරණයක් වන Singh Decision 1985 අනුව කැනේඩියානු භූමියට පය ගසන කිසිදු අයෙකු ක‍්‍රමවත් වාචික විභාගයකින් තොරව රටින් පිටමං කිරීම කළ නොහැක්කකි. එය මෙරටට පා තබන සියල්ලන්ම වෙත ඉබේම ලැබෙන හිමිකමකි. එසේ හෙයින් සරණාගතයින් ලෙස මෙරටට පිළිගන්නා තැනැත්තන්ගේ වාචික පරීක්ෂණ අවස්ථාව පැමිණෙන තෙක් ඔවුන්ව රැක බලා ගැනීමේ අයිතිය සහ වගකීම කැනඩා රජය වෙත ඉබේම පැවරී ඇත.

Share this Post