ශ්‍රී ලන්කන් ගුවන් සේවාව ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩ පිළිවෙළ යටතේ පැරිස් සහ ෆ්‍රැන්ක්ෆර්ට් දක්වා ගුවන් ගමන් අත්හිටුවීමට එම ගුවන් සේවය තීරණය කර ඇත. මෙය 2016 ශීත ඍතුවේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඒ අනුව ෆ්‍රැන්ක්ෆර්ට්-කොළඹ (UL 553/554) ගුවන් ගමන් 2016 ඔක්තෝබර් 30 වනදා සිටද පැරිස්-කොළඹ (UL 563/564)  ගුවන් ගමන් 2016 නොවැම්බර් 06 වනදා සිටද සිය මෙහෙයුම් කටයුතු අවසන් කරනු ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සේවය මේ වන විට දැඩි පාඩු සහිතව පවත්වාගෙන යන අතර දිගුකාලීනව මෙලෙස පාඩු සහිතව එය පවත්වාගෙන යාම කළ නොහැක්කක් බව රජය පෙන්වා දී ඇත. මේ තත්ත්වය යම්තරමකින් හෝ මගහරවා ගැනීම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය මගින් සිදුකරනු ලබන සියලූම ගුවන් ගමන් යළි ඇගයීමට පියවර ගෙන තිබේ. එහි ප්‍රතිඵලවලට අනුව යුරෝපා ගමනාන්ත ලාභදායි නොවන බව හෙළිදරව් වීමත් සමග මෙලෙස පැරිස් සහ ෆ්‍රැන්ක්ෆර්ට් ගුවන් ගමන් නවතා දැමීමට තීරණය කොට ඇත.

Share this Post