කොළඹ පොර්ට් සිටියේ වැඩ නතර වී තිබීම නිසා චීන සමාගමට සිදුවන පාඩුව පියවීමට ශ්‍රී ලංකාවට අයිති මුහුදු තීරයෙන් තවත් හෙක්ටයාර් 2 ක් දීමට රජය තීරණය කර ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක පවසා සිටී.

අලුත් ආණ්ඩුව පැමිණීමත් සමග පෝර්ට් සිටිය නතර කිරීමෙන් අදාළ චීන සමාගමට වූ පාඩුව සෑම මාසයකම ගණන් හිලවු සහිතව නිල වශයෙන් ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇත.

එහෙත් ඒ කිසිදු මුදලක් මේ දක්වා ශ්‍රී ලංකා රජය ගෙවා නැති බවද ගයන්ත අමාත්‍යවරයා මෙහිදී පවසා තිබුණි.

එම සමාගමට සිදුවූ පාඩුව පිරිමසා ගැනීමට මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් තවත් හෙක්ටායර 2 ක් දීමට ලක් රජය කැමති වී ඇති අතර චීන සමාගමද එයට එකඟ වී ඇත.

 

Share this Post