අලුත් අලුත් දේ සොයා ගැනීමට නව පර්යේෂණ සිදුකරන ලෝකය වර්තමානයේදී ඒ තුළින් ලබා ඇති ජයග්‍රහණ බොහෝය. මේ නව සොයාගැනීම් මිනිස් සංහතියේ පැවැත්මට පමණක් නොව විනාශයටද යොදාගත් අවස්ථාවන් රැසක් පිළිබඳව ඈත මෑත ඉතිහාසය පිරික්ෂා බැලීමේදී අපට දක්නට ලැබේ.
මේ අතරින් නූතන වෛද්‍ය විද්‍යාව තුළ සිදුකරන පර්යේෂණවලින් බහුතරයක් මිනිසාගේ යහපත උදෙසා යොදා ගැනීම සතුටට කරුණකි. එවැනි ඇතැම් නව සොයා ගැනීම් දෙස බලන විට අනාගත මිනිසා සහමුළින්ම වෙනස් වනු ඇත්දැයි යන සැකය පහළ වීම නොවැළැක්විය හැක්කකි. කවදා කොහොම මැවුනේදැයි තවමත් හරිහැටි සොයාගෙන නැති මනුෂ්‍ය ශරීරය කියන ආශ්චර්යය නවීන වෛද්‍ය විද්‍යාව තුළින් තව තවත් ව්‍යාකූල වන බව පෙනේ.
මේ ආකාරයේ නවතම සොයාගැනීමක් පසුගියදා ඇමරිකාවේ වෛද්‍යවරුන් පිරිසක් විසින් සිදුකර ඇති අතර එමගින් ජාන තුනක් සහිත ළදරුවකු බිහි කිරීමට ඔවුන් සමත් වී ඇත.
ඇමරිකාවේ නිව්යෝක්හි භැඅ ්‍යදචැ සාඵල්‍යතා මධ්‍යස්ථානයේ වෛද්‍ය ජෝන් ෂැන්ග් ඇතුළු පිරිසකගේ දායකත්වයෙන් නිර්මාණය වුණු මේ පිරිමි ළදරුවා ජෝර්දාන ජාතික මවක විසින් මීට මාස පහකට පෙර (පසුගිය අප්‍රේල් මාසයේදී) බිහි කර ඇති අතර මේ වන විට ඉතාමත් නීරෝගී තත්ත්වයෙන් පසුවෙති. මව සහ පියා හැරුණු විට තවත් අයෙකුගේ ජාන යොදා ගනිමින් බිහි වුණු ලොව පළමු සාර්ථක දරු උපත වන මෙය වේ.
මෙම ළදරුවාගේ මව සංකීර්ණ ජානගත රෝගයක් වන ඛැසටය ිහබාරදපැ නමැති තත්ත්වයේ පසුවන්නියක නිසා දරුවකු හදා ගැනීමේදී ඇයට විවිධ සංකුලතා මතුව ඇත. ඇය තුළ ඇති මෙම තත්ත්වය නිසා ගර්භණී අවදියේදීම ගබ්සා වීම් හතරක් සිදුවී ඇති අතර දරුවන් දෙදෙනෙකු ඉපදීමෙන් පසු ඇති වූ මොළය ආශ්‍රිත ආබාධ නිසා අඩු වයසින්ම මියගොස් ඇත. මෙවැනි තත්ත්වයක් යටතේ ඇය බිහිකරන දරුවන් මෙම අවාසනාවන්ත ඉරණමෙන් මුදා ගැනීමට නම් කළ හැකි එකම ප්‍රතිකර්මය ලෙස වෛද්‍යවරුන් දුටුවේ මව තුළ ඇති රෝගී ජාන අනු කළලයෙන් ඉවත් කර පිරිසිදු නිරෝගී ජාන අනු කළලයට ඇතුළු කිරීම බවයි.
ඒ අනුව මවු පිය දෙපළට අමතරව තවත් අයෙකුගේ සහාය සහිතව In Vitro Fertilization (IVF) තාක්ෂණය යොදාගනිමින් මේ දරුවා නිපදවීම සඳහා වෛද්‍යවරුන් තීරණය කර ඇත.
මෙම සාඵල්‍යතා වෛද්‍ය මධ්‍යස්ථානය ඇමරිකාවේ පිහිටා තිබුණද ඇමරිකාව තුළ තිදෙනෙකුගේ ජාන යොදාගනිමින් දරුවන් බිහි කිරීම තවමත් නීත්‍යනුකූලගත කොට නොමැත. එම නිසා මවුපිය තිදෙනාගේ දරුවා නිපදවීම සඳහා බි්‍රතාන්‍ය තෝරා ගැනීමට වෛද්‍යවරුන් තීරණය කළද ඒ් වන විට එහි පැවති නීතියද ත්‍රිපුද්ගල දරුවා නිපදවීමට හරස් වී තිබුණි. මෙම දෙරටම යම් කාලයක සිට ත්‍රිපුද්ගල දරුවන් සෑදීම නීත්‍යනුකූල කිරීම සම්බන්ධයෙන් වාද විවාද කරමින් සිටී. එහිදී බොහෝ පාර්ශ්ව පවසන්නේ කාන්තාවන් දෙදෙනෙකුගේ සහ පිරිමියකුගේ ඩී.එන්.ඒ යොදාගනිමින් නිපදවන කෘත්‍රිම බිළිඳුන් විවිධ ප්‍රවේණිගත රෝගවලින් නිදහස් වූවන් ලෙස බිහි වූවත් එය දෙවියන් අබිබවා යාමක් ලෙසයි. කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් වෛද්‍ය මධ්‍යස්ථානය පවසන්නේ ජීවිතවල වටිනාකම පිළිබඳව සලකා බැලීමේදී ඇතැම් ආචාර ධර්ම විධි නොසලකා හැරීමට සිදුවන බවයි.
කොතරම් බාධක ආවත් ත්‍රිපුද්ගල දරුවා නිපදවීමේ කටයුත්ත සිදුකිරීම වෛද්‍ය මධ්‍යස්ථානයේ මෙන්ම මවුපිය දෙපළගේද එකම බලාපොරොත්තුව වූ නිසා ඔවුන් මේ සඳහා කිසිදු නීතියෙන් බාධා නොවන රටක් තෝරා ගැනීමට කටයුතු කරනු ලැබුණි. ඒ අනුව දරුවා පිළිසිඳ වීමට සහ කළලයට හානියක් සිදු නොකර ඊට අදාළ අනිකුත් ක්‍රියා මාර්ග ගැනීමට මෙම වෛද්‍ය කණ්ඩායම තෝරා ගනු ලැබුවේ මෙක්සිකෝවයි.
මවගේ ඩී.එන්.ඒ අඩකින් හා පියාගේ ඩී.එන්.ඒ අඩකින් යුක්තව නිපදවෙන න්‍යෂ්ටික ජානයට අමතරව සියල්ලන් තුළම මයිටෝකොන්ඩි්‍රයල් නම් තවත් ජානයක් පවතී. මෙය මවගේ ප්‍රවේණියෙන් පැමිණෙන ජානයකි. පුද්ගලයෙකුට මයිටෝකොන්ඩ්‍රියල් විකෘතිතා පිහිටුණහොත් විවිධ රෝගාබාධ ඇතිවිය හැකි අතර මරණයද සිදුවිය හැක. ඉහත මවගේ දරුවන්ට සිදුවූයේද ප්‍රවේණිගතව මෙම මවට තිබූ මයිටෝකොන්ඩ්‍රියල් විකෘතිතා තත්ත්වයට මුහුණ පෑමටයි. එම නිසා ඇයට ඇගේම ජාන සහිත නිරෝගී දරුවකු ලබාගැනීමට අවශ්‍ය නම් කළ යුතු වූයේ මේ විකෘතිතා සහිත මයිටෝකොන්ඩ්‍රියල් එම කළලයෙන් ඉවත් කිරීමයි.
එම සිද්ධාන්තය යොදා ගනිමින් වෛද්‍යවරුන් සිය කාර්යයට අත ගැසූ අතර මවගේ ඩිම්බයක් සහ පියාගේ ශුක්‍රානුවක් එක් කර කළලයක් ආරම්භ කිරීමේදී මවගේ ඩිම්බය යුක්තානුවක් වී ඛෙදීමට පෙර එම බීජවල තිබූ මයිටෝකොන්ඩි්‍රයා ජාන ඉතුරු කරමින් න්‍යෂ්ටික ජාන ඉවත් කිරීමට කටයුතු කරනු ලැබ තිබුණි. එහිදී දරුවාගේ සැබෑ මවගෙන් වෙන් කර ගත් නිරෝගී න්‍යෂ්ටික ජාන පියාගේ න්‍යෂ්ටික ජාන සමග එකතු කර ඉන්පසුව නිරෝගී මයිටෝකොන්ඩි්‍රයා ජාන සහිත කාන්තාවකගේ ඩී.එන්.ඒ සමගත් එකතු කරනු ලැබුණි. අවසානයේදී මෙම ජාන තුනක් සහිත කළලය සැබෑ මවගේ ගර්භාෂයේ තැන්පත් කිරීමෙන් පසු ලොව පළමු ත්‍රිපුද්ගල බිළිඳා බිහිකිරීම සිදුකර තිබුණි.

Share this Post