ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති මෛත්‍රී ගුණරත්න මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැරීමට විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා තීරණය කර ඇත.

ඒ අනුව නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කරන තුරු ලංකා ගල් අඟුරු සමාගමේ වැඩ කටයුතු පවත්වාගෙන යාමට  වැඩබලන සභාපතිවරයා ලෙස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (තාක්ෂණ) මෙරිල් ගුණතිලක මහතා පත් කර ඇති බව අමාත්‍යංශය නිවේදනය කර සිටී.

2009 සිට 2016 දක්වා කාලයේ ලංකා ගල් අඟුරු සමාගම මගින් ගල් අඟුරු මිලදී ගැනීම පිළිබඳව, 2016.12.30 දිනැතිව විගණකාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ බලශක්ති පිළිබඳ අධීක්ෂණ කමිටුව වෙත ඉදිරිපත් කරන ලද වාර්තාවේ සඳහන් කරුණු, නිර්දේශ හා නිගමන සැලකිල්ලට ගෙන විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මෙම තීරණය ගෙන ඇතැයි කියැවේ.

 

Gal Anguru

Share this Post