මාර්ග සංවර්ධන අධිකාරියට උපදේශකවරු 45 දෙනෙකු පත් කර ඇති බව අධ්‍යාපන සහ මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ (20 0ා) පාර්ලිමේන්තුවේදී පවසා ඇත. පසුගිය මැතිවරණවලදී මහනුවර දිස්ත්‍රික්කය ජයග්‍රහණය කිරීමට සහාය දුන් පිරිසය අවස්ථාවක් ලබාදීම සඳහා මෙම තනතුරු පිරිනැමූ බවද ඇමතිවරයා පවසයි.

මෙම උපදේශකවරුන් රුපියල් 25,000 ක වැටුපක් සහ රුපියල් 40,000 ක ගමන් වියදම් දීමනාවක් යටතේ බඳවා ගනු ලැබූ බවද මෙහිදී අමාත්‍යවරයා පවසා තිබුණි.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස ඇසූ පැනයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මෙලෙස පවසා තිබුණි.

Share this Post