ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව හා ඉඩම් අමාත්‍යාංශය එ්කාබද්ධව ක්‍රියාවට නංවා තිඛෙන ශ්‍රී ලංකාවේ ඉඩම් ලියාපදිංචි කිරීම පරිගණක ගත කිරිමේ කටයුතු සාර්ථකව සිදුකෙරෙමින් පවතින බව වාර්තා වේ.
මෙම වැඩපිළිවෙළ නිසා කොළඹ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාල බල ප්‍රදේශයේ ඉඩම් පිළිබඳව සිදුකරන කටයුතු වඩාත් කාර්යක්ෂමව හා විධිමත්ව කිරීමේ හැකියාව ලැබී ඇත. ඉඩමක අයිතිය තහවුරු කර ගැනීම, ගොඩනැගිලි ඉදිකිරීමේ බලපත්‍ර නිකුත් කිරීම, පාරිසරික තත්ත්ව පරීක්ෂණ වාර්තා නිකුත් කිරීම ආදි කටයුතු සිදුකිරීමේදී අදාළ පළාත් පාලන ආයතනවලට මෙන්ම ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලවලටද මෙමගින් පහසුව සැලසේ.
ඉඩම් ලියාපදිංචි කිරීම පරිගණක ගත කිරීම නිසා ඉඩම් හිමිකරුවන්ටද විශාල වාසි රැසක් හිමිවන අතර පෞද්ගලික ඉඩම් හිමිකම් නිරවුල් කරගැනීම, බිම් සවිය, ඉඩම් හිමිකම් සහතිකපත් කිරීම ආදිය වඩාත් කාර්යක්ෂමව සිදුකර ගත හැකි වේ. ඉඩම් පත්ඉරු ස්කෑන් කර පරිගණකගත කිරීමත් එ්වායේ තොරතුරු දත්ත පද්ධතියට ඇතුළත් කිරීමත් නිසා ඉඩම් පිළිබඳ පැරණි තොරතුරු, අතීත තොරතුරු සියල්ල දැනගැනීමේ අවස්ථාව හිමිවේ. පරිගණක දත්ත තුළට යැවූ තොරතුරු ස්වභාවික අපාදාවලදී විනාශ නොවන අතර කූට ලෙස තොරතුරු විකෘති කිරීම, විනාශ කිරීම කළ නොහැකි වේ.
ලංකාව පුරා ඉඩම් අලෙවි කිරීමේදී හා මිල දී ගැනීමේදී සිදුවන විවිධ අක්‍රමිකතා දූෂණ අවම කර ගැනීමේ හැකියාව මෙමගින් ලැබීමද අත්වන විශාලතම වාසියකි.
බැංකු ඇතුළු මූල්‍ය ආයතවලට ඉඩම් තක්සේරු කිරීම්වලදී හා ඉඩම් සම්බන්ධ නීතිමය කටයුතු සිදුකරන අවස්ථාවලදී අවශ්‍ය තොරතුරු ඉක්මනින් සපයා ගැනීමද මෙමගින් පහසු වේ.

Share this Post