[vc_row][vc_column][vc_column_text]කැනඩාව තුළ තමාගේම කියා ව්‍යාපාරයක් ඇරඹීමට කැමැත්තෙන් පසුවන්නකු වෙත ඒ සඳහා උපකාරී විය හැකි ප්‍රධාන කරුණු කීපයක් පිළිබඳව අප පසුගිය ලිපියෙන් ඔබගේ අවධානය යොමු කළා. අද අප ඉන් ඔබ්බට ගොස් ව්‍යාපාරයක් මිල දී ගැනීමේදී විසඳා ගත යුතු අනෙකුත් අංග පිළිබඳ සොයා බලමු.

ගැනුම්කරුවාගේ කාර්යභාරය

ඔබ විසින් තෝරාගත් ව්‍යාපාරය අධ්‍යයනය කිරීමෙන් පසු ඒ පිළිබඳව ඔබ සෑහීමකට පත්වූයේ නම් එම ව්‍යාපාරය මිල දී ගැනීම සඳහා ඉදිරි කටයුතු සිදුකිරීමේ කිසිදු වරදක් නොමැත. එහෙත් මෙහිදී ගැනුම්කරුවකු (BUYER) ලෙස කටයුතු කරන ඔබ විසින්ද සිදුකළ යුතු කාර්යයන් රැසක් ඇති බව සිහිතබා ගත යුතුය.

ව්‍යාපාර ක්ෂේත්‍රය තෝරාගැනීම කෙරෙහි ඔබගේ අවධානය යොමු වූ විගස සිදුකළ යුතු ප්‍රධාන කාර්යය වන්නේ ඔබ ඒ සඳහා ආර්ථීකමය වශයෙන් ශක්තිමත්ද යන්න සොයා බැලීමයි. එහිදී ව්‍යාපාරයක් වෙනුවෙන් ඔබට යෙදවිය හැකි මූල්‍යමය ප්‍රතිපාදන පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇතිව සිටීම ඉතාමත් වැදගත් වේ.

ඉන්පසු අප පසුගිය කලාපයේ සඳහන් කළ ආකාරයට ඔබට සුදුසු ව්‍යාපාර ක්ෂේත්‍රයක් තෝරා ගැනීම සිදුකළ යුතුයි. පසුව එම අංශයේ වූ ව්‍යාපාරයක් සොයා යෑම සහ ඒ පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කිරීම සිදුකළ යුතුයි.

කැනඩාව තුළ ඇතැම් ව්‍යාපාර ඇරඹීමට පෙර ඒ සඳහා කිසියම් පුහුණුවක් සහ බලපත්‍ර ලබාගැනීමක් සිදුකළ යුතු බව ඔබ හොඳින් දන්නා කරුණකි. එනිසා ඔබ තෝරාගන්නා ක්ෂේත්‍රය තුළ එවැනි පෙර පුහුණු කටයුතු සිදුකළ යුතුද යන්න පිළිබඳව සොයා බලන්න. එසේ අවශ්‍ය වෙතොත් ඒ සඳහා වන මූලික සුදුසුකම් සපුරා ගැනීම ප්‍රථමයෙන්ම සිදුකළ යුත්තකි.

ඒ වගේම ව්‍යාපාර සඳහා යොමුවීමට අදහස් කරන ඔබ වෙත විශේෂ උපදෙස් හා මගපෙන්වීම් ලබා දීමට කැනඩා රජය සෑම විටම සූදානමින් පසුවෙයි. විශේෂයෙන්ම කුඩා ව්‍යාපාර සඳහා යොමුවන්නන් සඳහා ණය සහන වැඩසටහන්, වැඩමුළු හා සම්මන්ත්‍රණ ආදිය රජය මැදිහත් වීමෙන් දියත් කර ඇති අතර ඒවාට සහභාගි වීම මගින්ද ඔබට කැනඩාවේ ව්‍යාපාර ක්ෂේත්‍රය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබාගැනීමට හැකියාව ලැබේ.

තවද ඔබ තෝරාගනු ලබන ව්‍යාපාරය, ඔබගේම ව්‍යාපාර නාමයක් සහිතව කැනඩාව තුළ ලියාපදිංචි කිරීම අනිවාර්ය වන අතර ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබාගැනීම සඳහා එහි නිපුණතාවක් දක්වන පිරිසගේ සහයෝගය ලබාගැනීම සුදුසු වේ. එහිදී කැනඩා ආදායම් ඒජන්සිය (CRA) මගින් අනුමත කර ඇති විධිවිධාන පරිදි එම කාර්යය ඉටු කර ගැනීමට ඔබ සැලකිලිමත් විය යුතු අතර වාර්ෂික ආදායම් බදු ඉදිරිපත් කිරීමේදී මෙම ලියාපදිංචි සහතිකයේ අඩංගු තත්ත්වයන් ඉතාමත් වැදගත් වන බව සිහිතබාගන්න. විශේෂයෙන්ම මෙහිදී ඔබ ව්‍යාපාරය ලියාපදිංචි කරනු ලබන ස්වභාවය එනම් ඔබ තනිව ව්‍යාපාරය ලියාපදිංචි කරන්නේද – Sole proprietorship එසේත් නැතිනම් තවත් පුද්ගලයෙකු හෝ කීපදෙනෙකු සමග ව්‍යාපාරය ලියාපදිංචි කරන්නේද – Partnership යනාදී කරුණු පිළිබඳව ඔබගේ ගණකාධිකාරිවරයා හා සාකච්ඡා කිරීම තුළින් වඩාත් පැහැදිලි වැටහීමක් ඔබට ලබාගත හැක.

කුඩා පරිමාණ ව්‍යාපාරයක් ආරම්භ කිරීම

‘අපේම කියා දෙයක් කරගෙන ඉන්න තියෙනව නම් කොච්චර හොඳඳ?’ යැයි රැකියාවල් කරන බොහෝ දෙනෙකු මැසිවිලි නැගුවද ව්‍යාපාරයක් ආරම්භ කිරීම සහ එය සාර්ථක ලෙස පවත්වාගෙන යාම එතරම් පහසු කාර්යයක් නොවන බව පළමුවෙන්ම කිව යුතුව ඇත.

එහෙත් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සූදානම් වීමේදී මුල සිටම ඒ සඳහා නිසි ලෙස සැලසුම් කිරීම තුළින් බොහෝ විට ඇතිවිය හැකි අපහසුතා මගහරවා ගැනීමට හැකිවේ.

  1. ව්‍යාපාරයක් ආරම්භයේ සිටම ක්‍රමානුකූලව පවත්වාගෙන යාම සහ අධික අවදානම් කරා යොමු නොවීම සුදුසු වේ. ව්‍යාපාරයක් තුළ සෑම විටම අවදානම තිබිය හැකි වුවත් ආරම්භක අවදියේදී එවන් අවස්ථා අවම කරගැනීම තුළින් ව්‍යාපාරය පවත්වාගෙන යෑම පහසු වේ. මෙහිදී වඩාත් සුදුසුම ක්‍රියාමාර්ගයන් හා ලාභදායී අංශයන් පිළිබඳ දැඩි අවධානයකින් පසුවීම අවශ්‍ය වේ.
  2. සැලසුමකට අනුව ක්‍රියාත්මක වීම සෑම අවස්ථාවකදීම සිදුකළ යුත්තකි.
  3. සෑම විටම සියලූම කාර්යයන් සඳහා සුදුසුම පුද්ගලයින් පත්කිරීම තුළින් ඉතාමත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් ලබාගැනීමට උත්සාහ කළ යුතුයි.
  4. සුදුසුකම් ලත් ගණකාධිකාරී ආයතනයක අධීක්ෂණය හා උපදෙස් අනුගමනය කිරීම තුළින් ව්‍යාපාරයේ මූල්‍යමය ගැටලු අවම කර ගැනීමට කටයුතු කළ යුතුයි.
  5. වසර කීපයක් ඉදිරියට සැලසුම් සකස් කර ගැනීම සහ ඒවා නිසි අයුරින් ක්‍රියාත්මක කිරීම තුළින් ව්‍යාපාරය පවත්වාගෙන යාම පහසු කරනු ලබයි.

මූල්‍යමය ණය පහසුකම්

ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සූදානම් වීමේදී ඔබ විසින් ජයගත යුතු විශාලම අභියෝගය ලෙස දැක්විය හැක්කේ ඒ සඳහා ණය මුදලක් අනුමත කර ගැනීමයි. ව්‍යාපාර ණය අනුමත කරගැනීම මේ වන විට ඉතා අපහසු කරුණක් බවට පත්වී ඇති අතර නව ව්‍යාපාර සඳහා පිවිසීමට සූදානම් වන බොහෝ දෙනෙකු මේ නිසාම මන්දෝත්සාහී තත්ත්වයන්ට පත්ව ඇති බවද කිව යුතුව ඇත.

සාමාන්‍ය නිවාස ණය ලබාගැනීමේදී මෙන්ම ව්‍යාපාර සඳහාද ණය ලබා දීම පිළිගත් බැංකු හා වෙනත් ණයදෙන ආයතන මගින් සිදුකරනු ලැඛෙයි. එහෙත් මෙම ව්‍යාපාර ණය ලබාගැනීමේ ක්‍රමය නිවාස ණයක් ලබාගැනීමට වඩා ඛෙහෙවින් සංකීර්ණ ක්‍රියාවලියක් බව ඔබ දැන සිටිය යුත්තකි.

මෙම ව්‍යාපාර ණය ලබාගැනීම මෙතරම් අපහසු වී ඇත්තේ ඇයි? ඔබ නිවසක් හෝ කිසියම් දේපළක් මිල දී ගැනීමේදී එය බැංකුව භාරයට ගෙන ඒ සඳහා ණය මුදල නිකුත් කිරීම සාමාන්‍ය තත්ත්වයයි. එහෙත් ව්‍යාපාරයක් යනු ඒ ආකාරයේ නිශ්චිත දේපළක් නොවෙයි. එය සෑම විටම උච්චාවචන (ඉහළ පහළ යා හැකි) අවස්ථාවලින් සමන්විත කාර්යයකි. එහිදී ව්‍යාපාරයක් ලාභ මෙන්ම පාඩුද ලැබිය හැක. එවන් පාඩු සහිත අවස්ථාවලදී ණය ලබාදුන් ආයතනයද දැඩි අවදානමකට ලක්වීම නිතැතින්ම සිදුවන්නකි. ඇතැම් අවස්ථාවල ව්‍යාපාරය සතු දේපළ හා වෙනත් වත්කම් මෙම ණය මුදල ගෙවීම සඳහා ප්‍රමාණවත් නොවුණහොත් මෙම අවදානම වඩාත් දැඩි විය හැකියි. එම කරුණු සැලකිල්ලට ගෙන බැංකු සහ ණය දෙන ආයතන ව්‍යාපාර සඳහා ණය ලබාදීමේදී දැඩි ප්‍රතිපත්ති අනුගමනය කරන බව සඳහන් කළ යුතුය.

එහෙත් ඉතාමත් නිවැරදි ලෙස, ව්‍යාපාර සැලසුමක් සහිතව, නීත්‍යනුකූලව අරඹන ව්‍යාපාරයක් සඳහා විශේෂ අධීක්ෂණවලින් පසු ණය ලබාදීමට ණය දෙන ආයතන කටයුතු කරන බවද සැලකිල්ලට ගත යුතු කරුණකි. එම නිසා ව්‍යාපාර ණයක් අයදුම් කිරීමට පෙර ඒ සඳහා මනා ලෙස සූදානම් වීම තුළින් ඔබේ ණය අයදුම්පත ප්‍රතික්ෂේප වීම වළක්වා ගත හැක.

ඒ වෙනුවෙන් අනුගමනය කළ යුතු පළමු පියවර ලෙස ක්‍රමවත් ව්‍යාපාර සැලසුමක් පිළියෙල කිරීම දැක්විය හැක. මේ සැලසුම අවම වශයෙන් ඉදිරි වසර තුනක් වෙනුවෙන් සැකසුනක් විය යුතු අතර එහි ඉස්මතු කර දැක්විය යුතු ප්‍රධාන කරුණු කීපයක් පවතී.

  • වැල්වටාරම්වලින් තොරව ඉතාමත් සංක්ෂිප්තව ව්‍යාපාරයේ ස්වභාවය පැහැදිලි කිරීම
  • එයින් ආදායම් ලැඛෙන ක්‍රමවේදය පැහැදිලි කිරීම
  • ව්‍යාපාරය සඳහා වැය වෙන පිරිවැය පිළිබඳ පැහැදිලි කිරීම
  • දැනට ව්‍යාපාරය ආරම්භ කිරීමට ඔබ විසින් යොදනු ලබන මූල්‍යමය තත්ත්වයන් පැහැදිලි කිරීම
  • ව්‍යාපාරයේ දියුණුව සඳහා අනුගමනය කෙරෙන උපාය මාර්ග පිළිබඳ පැහැදිලි කිරීම
  • ව්‍යාපාරයේ සුරක්ෂිතතාව හා කාර්යක්ෂමතාව පිළිබඳ පැහැදිලි කිරීම
  • ලාභාංශ ඛෙදෙන ආකාරය පිළිබඳ පැහැදිලි කිරීම

මේ ආකාරයෙන් සවිස්තර ව්‍යාපාර සැලස්මක් ඉතාමත් සංක්ෂිප්තව ඒ ඒ කරුණ සනාථ වන ආකාරයේ ලියකියවිලි සමග ඉදිරිපත් කිරීම, ණය දෙන ආයතනය විසින් ඔබ පිළිබඳ කරන විශේෂ ඇගයීම්වලට ඛෙහෙවින් බලපානු ලබයි.

තවද මෙවැනි ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා ඔබ සතු ව්‍යාපාර නිපුණතාව, අත්දැකීම් මෙන්ම ඒ පිළිබඳව ඔබ ලත් පළපුරුද්ද, බලපත්‍ර ආදියද මේ සමගම ඉදිරිපත් කිරීම සුදුසු වේ. ණය ලබාදීමේදී ඒ සියල්ල කෙරෙහි සියුම් ලෙස අවධානය යොමු කරනු ලබයි.

විශේෂයෙන්ම ව්‍යාපාර ණයක් ලබා දීමේදී ණය දෙන ආයතන විසින් ඔබ ඇරඹීමට සූදානම් වන ව්‍යාපාරය පිළිබඳ බොහෝ කරුණු අධ්‍යයනය කරනු ලබයි. එම ව්‍යාපාරය මේ වන විට වෙනත් අයෙකු විසින් කරගෙන යනු ලබන ව්‍යාපාරයක් නම් එහි වර්තමාන තත්ත්වය පිළිබඳවද ඔවුන්ගේ සැලකිල්ල යොමුකරනු ලබයි. ව්‍යාපාරය සතුව මේ වන විට පවතින සියලූම නිශ්චල වත්කම් පිළිබඳ නිවැරදි වාර්තාවක් ණය දෙන ආයතනය වෙත ලබාදිය යුතු අතර ඒවායේ වටිනාකම ඔබගේ ණය අයදුම්පත අනුමත වීමට හොඳ සාධකයක් විය හැක.

මේ වන විට කැනඩාව තුළ ව්‍යාපාර ක්ෂේත්‍ර ගණනාවක්ම දැඩි අවදානම් ව්‍යාපාර ලෙස ලැයිස්තු ගතවී ඇති හෙයින් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සූදානම් වීමේදී එවැනි ව්‍යාපාර පිළිබඳ තොරතුරු සොයා බැලීම සුදුසු වේ. විශේෂයෙන්ම දැනුම පදනම් කරගත් (knowledge-based) සහ ප්‍රවීණතාව පදනම් කරගත් (expertise-based) සේවාවන් ප්‍රධාන වූ ව්‍යාපාර සඳහා ණය ලබාදීම මේ වන විට බොහෝ බැංකු සහ ණය දෙන ආයතන මගින් ප්‍රතික්ෂේප කරන බව නොරහසකි.

නව ව්‍යාපාරයක් සඳහා ණය ඉල්ලූම් කළ බොහෝ අවස්ථාවල, ණය දෙන ආයතන විසින් ඒ සඳහා ඔබගේ ‘පෞද්ගලිකව ඇපවීම’ (personal guarantee) පිළිබඳ විමසා සිටිනු ලබයි. එහිදී ඔවුන් විසින් දීමට අදහස් කරන ණය මුදල සඳහා ඔබ සතු දේපළ (ඔබගේ නිවස හෝ වෙනත් භෞතික දේපළ) ඇපයට තබාගැනීම සිදුකරනු ලබයි. ඕනෑම ණයක් ගැනීමේදී සිදුකෙරෙන ක්‍රියාපටිපාටියේදී මෙන්ම මෙහිදීද ණය දෙන ආයතන මගින් ඔබගේ මූල්‍යමය ශක්තිය (financial strength) පිළිබඳව දැඩි සොයා බැලීමක් සිදුකරනු ලබන අතර ඔබගේ වර්තමාන ක්‍රෙඩිට් තත්ත්වය මෙන්ම පසුගිය කාලසීමාවල ක්‍රෙඩ්ට් තත්ත්වයන් පිළිබඳවත් ඔවුන්ගේ අවධානය යොමු කරනු ලබයි.

එමෙන්ම ඇතැම් ව්‍යාපාර ක්ෂේත්‍ර දිරි ගැන්වීම සඳහා පළාත්බද හා ෆෙඩරල් රජය මගින් අනුග්‍රාහක දීමනා ලබාදීම සිදුකෙරෙන අතර එවැනි ව්‍යාපාර ක්ෂේත්‍ර කෙරෙහිද ඔබේ අවධානය යොමුකිරීම සුදුසු බව කිව හැකිය. මේ සඳහා කරුණු සොයා බැලීමට යා හැකි නිවැරදිම ස්ථානය Canada Business Services Centre වේ.

ඉහත සඳහන් කළ කරුණු සහ තවත් ඔබ වෙත ඇති ඉලක්කගත සැලසුම් අනුව කටයුතු කිරීමෙන් කැනඩාව තුළ සාර්ථක ව්‍යාපාරිකයකු ලෙස නැගී සිටීමේ අවස්ථාව ඔබට කිසි විටෙක අහිමි නොවනු ඇත.[/vc_column_text][/vc_column][/vc_row][vc_row][vc_column][vc_column_text]

Gamini

Gamini Abeysinghe – ABR, Certified Negotiation Expert
ඔන්ටේරියෝ නිවාස හා දේපොළ වෙළඳාම් සංගමයෙහි
බලයලත් දේපල හා නිවාස වෙළඳාම් අලෙවි නියෝජිත

Tel: 1-416 822 2789
Email : shinko@rogers.com
Web : www.gaminiabeysinghe.com

[/vc_column_text][/vc_column][/vc_row]

Share this Post